Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th June 2020 19:37:18 Hours

'COVID-19 යහපත් පාලන පිළිවෙත්’ පිළිබඳ සමාරම්භක දේශණය සඳහා කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි නියෝජනය කරමින් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී සහභාගීවේ

ඉන්දියානු තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව (ITEC), විදේශ කටයුතු අමාත්‍යාංශය සහ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානය (NCGG) එක්ව සංවිධානය කරන ලද ‘ජාත්‍යන්තර සිවිල් සේවකයින් සඳහා වසංගතයක යහපාලන පිළිවෙත් (COVID-19) "පිළිබඳ දෙදිනක් පුරා ඉන්දියානු රජය විසින් ආරම්භ කරන ලද (webinar) වැඩමුළුව පරිපාලන ප්‍රතිසංස්කරණ හා මහජන දුක්ගැනවිලි දෙපාර්තමේන්තුවේදී අද (18) දින දහවල් පැවති අතර, එහි සමාරම්භක දේශණය විශ්‍රාම වැටුප් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය ජිතේන්ද්‍ර සිං (Dr. Jitendra Singh) මහතා විසින් සිදු කරන ලදී.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති මෙන්ම කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සහභාගීවිය. එහි සමාරම්භක උත්සවය බ්‍රහස්පතින්දා දහවල් ආරම්භ වූ අතර, එහිදි ඉන්දියාවේ ආපදා කළමනාකරණ අධිකාරියේ සාමාජික ලේකම් ශ්‍රී ජී.වී.වී ශර්මාගේ (Shri G.V.V Sarma) සභාපතිත්වයෙන් යුත් “රාජ්‍ය මට්ටමේ හොඳම පිළිවෙත්” පිළිබඳ 1 වන සැසිය සමාරම්භක දිනයේදී ශ්‍රී ලංකාවේ නියෝජිතයාට අමතරව, ශ්‍රීමත් ආචාර්ය ශලිනි රාජනීෂ් (Dr Shalini Rajneesh), ඒ.සී.එස් කර්නාටක (ACS Karnataka) සහ ශ්‍රී අමීර් සුබානි (Shri Amir Subhani) සහ ඒ.සී.එස් බිහාර් (ACS Bihar) විසින් ‘කර්නාටක (Karnataka), ගුජරාට් (Gujarat) සහ බිහාර් (Bihar) යන ප්‍රාන්තවල රාජ්‍ය මට්ටමේ පුහුණුවීම්’ සහ කේරළයේ (Kerala), තෙලන්ගනා (Telangana) සහ ජම්මු (Jammu) සහ කාශ්මීරය (Kashmir) යේ දිස්ත්‍රික් මට්ටමේ පිළිවෙත් ඉදිරිපත් කළහ.

ශ්‍රී ලංකාව නියෝජනය කළ මේජර් ජෙනරාල් ගුණවර්ධන මිනිත්තු 15 කට ආසන්න කාලයක් 1 වන සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාවේ පළමු COVID-19 රෝගියා සොයා ගැනීමේ සිට, අතිගරු ජනාධිපතිතුමන්, ගරු අගමැතිතුමන්, සෞඛ්‍ය අමාත්‍යවරිය,කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ ත්‍රිවිධ හමුදාව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, රාජ්‍ය නිලධාරීන්ගේ ඉමහත් කැපවීම සහ නිරෝධායන මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම, අභියෝග සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය පිළිවෙත්, කොවිඩ් 19 වෛරසය වැළැක්වීම සඳහා ගත් ක්‍රම, අනාගත උපායමාර්ග, ඇදිරි නීතිය, මහජනතාව සඳහා සමාජය නැවත විවෘත කිරීම, සාමාන්‍ය තත්වයට නැවත පැමිණීම සහ COVID-19 සම්ප්‍රේෂණයට එරෙහිව ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව පැහැදිලි කරන ලදී.

ජූනි 18 සහ 19 යන දෙදින පුරා පැවති මෙම සැසිවාරය සඳහා බංග්ලාදේශය, භූතානය, කෙන්යාව, මොරොක්කෝ, මියන්මාරය, නේපාලය, ඕමානය, සෝමාලියාව, තායිලන්තය, ටියුනීසියාව, ටොංගා, සුඩානය සහ උස්බෙකිස්තානය යන රටවල ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ද සහභාගී විය.

පළමු දින සැසිවාරයේ මුලසුන දැරුවේ ශ්‍රී ජී.වී.වී ශර්මා (Shri G.V.V Sarma) විසිනි. තෙවන සැසිවාරයේ මුලසුන ජාතික ආපදා කළමනාකරණ අධිකාරියේ සාමාජික ලේකම් සහ හිටපු කැබිනට් ලේකම් ශ්‍රී අජිත් සෙත් (Shri Ajit Seth) මහතා විසින් දැරිමට නියමිතය. දෙවන දිනයේදී, සැසිවාරයේ ‘සෞඛ්‍ය අංශයට ඇති අභියෝග සහ වැන්ඩේ භාරත් අභියාන් ඇතුළත් වේ. ඉන්දියානු රජයේ හිටපු සෞඛ්‍ය ලේකම් සුජාතා රාඕ (Ms. Sujatha Rao) මහත්මිය සහ එයාර් ඉන්දියාවේ සී.එම්.ඩී ශ්‍රී රජීව් බන්සාල් (Shri Rajiv Bansal) යන දෙදෙනා මුලසුන හෙඹවීමට නියමිතව ඇත. ඉන්දියානු රජයේ ඩාර්පීජී (DARPG) සහ ඩීපීපීඩබ්ලිව් (DPPW) ලේකම් ආචාර්ය ක්ෂත්‍රපති ශිවාජි (Dr. Kshatrapati Shivaji, Secretary) විසින් එහි දේශනය පවත්වනු ඇත. සහභාගී වන රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සාකච්ඡාව සඳහා දායක වනු ඇත.

දෙදින වැඩමුළුව ඉන්දීය රාජ්‍ය නිලධාරින්, අතිරේක ලේකම් සහ යහපාලනය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී වී. සිරිනිවස් සහ විදේශ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරනු ලැබු බව ඉන්දියානු තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව (ITEC), විදේශ කටයුතු අමාත්‍යාංශය සහ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. Sportswear Design | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!