22nd January 2024 19:58:57 Hours
මව්බිම වෙනුවෙන් දිවිපිදූ 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් එම ඒකකයේ භටපිරිස් විසින් පසුගිය බදාදා (ජනවාරි මස 17) දින සේරුවාවිල ප්‍රදේශයේ පිහිටි ‘සහන සෙවන’ පුනරුත්ථාපන සහ පුහුණු මධ්‍යස්ථානයේ නේවාසික ප්‍රථිකාර ලබන ආබාධිත පුද්ගලයින් වෙත ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූහ.
222 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම අවස්ථාව සඳහා 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන් ප්‍රමුඛ නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.