Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th January 2024 15:05:12 Hours

8 ශ්‍රී ලංකා පාබල හමුදාව 31 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

අහුගම්මන ප්‍රදේශයේ ස්ථාපිත 8 ශ්‍රී ලංකා පාබල හමුදාවේ 31 වන සංවත්සර දිනය වෙනුවෙන් ජනවාරි මස16 දින සිට 22 දින දක්වා හමුදා සම්ප්‍රදායානුකූලව සහ ආගමික වතාවත් මධ්‍යයේ සැමරුම් උත්සව මාලාවක් එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් වයි.ඩී.එන් ද සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත පැවැත්විණි.

උත්සවයේ කටයුතු ආරම්භ කරමින් කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එම ඒකකයේ අණදෙන නිළධාරීතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ සහ බළඇණි ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුදකරන ලදී. සංවත්සර උත්සව මාලාව වෙනුවෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක්, රට වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන්ට උපහාර දැක්වීමේ උත්සවයක්, පැලයක් රෝපණය කිරීම, සියලු භටපිරිස් ඇමතීම, සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීම සහ කණ්ඩායම් අතර සුහද ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම ඇතුළු විවිධ වැඩසටහන් පැවැත්වීය.