Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st December 2016 13:41:52 Hours

8 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායෙහි නව ගොඩනැගිලි විවෘත කෙරේ

දියතලාවෙහි පිහිටි 8 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ  මුරහල, රෙජිමේන්තු පොලිස් කුටිය සහ අමුත්තන්ගේ කාමරය විවෘත කිරීම අඟහරුවාදා (20) දින සිදු කරනු ලැබීය.

සැපයුම් සහ ප්‍රවාහන අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ඒ.වී රූපසිංහ මෙම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගි වූ අතර, සුභ මොහොතින් එම ගොඩනැගිලි විවෘත කිරීම ඔහුගේ සුරතින් සිදු විය.

එහිදී 8 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායෙහි භට පිරිස් විසින් පිවිසුම් දොරටුව අභියස දී සැපයුම් සහ ප්‍රවාහන අධ්‍යක්ෂවරයා වෙත කදවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

එමෙන්ම ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සම්ප්‍රදායිකව පොල් තෙල් පහන දැල් වූ අතර, අනතුරුව නව ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සහභාගි විය.

එම වැඩසටහන අතරතුරදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැලයක් ද රෝපණය කළ අතර, අවසානයේ භට පිරිස් ඇමතීම ද සිදු කරනු ලැබීය.

කර්නල් පාලන හා භකාස කර්නල් ටී.එම් ඩ්‍රහීම් 8 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් කේ.ජී.යූ.ටී ජයසිංහ සමගින් නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Nike Sneakers | adidas garwen spezial white shoes - New In Shoes for Men