26th December 2023 22:24:11 Hours
7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අභිමානවත් 8 වන සංවත්සර දිනය වෙනුවෙන් දෙසැම්බර් මස 19 දින සැමරුම් උත්සව මාලාවක් පැවැත්වීය.
7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් එල්.ජී.එල්.බී. ගුණරත්න ගේ මඟපෙන්වීම මත මෙම සැමරුම් උත්සවයට සමගාමීව දෙසැම්බර් මස 12 දින සිට 19 දින දක්වා ආගමික වතාවත්, හමුදා සම්ප්‍රදායානුකූල අංගයන් සහ තවත් විශේෂාංගයන් රැසක් පැවැත්විණි.
සංවත්සර උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ට ආශිර්වාද එක්කරමින් බෝධි පූජාවක් සහ ධර්ම දේශනාවක් පැවැත්වීය. 2023 දෙසැම්බර් මස 19 දිනට යෙදුණු සංවත්සර දිනයේදී කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි අණදෙන නිලධාරිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.
සමූහ ඡායාරූපයක් ගැනීමෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීය.