Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th July 2019 17:31:59 Hours

683 වන බලෙස්නාවේ නව බලෙස්නාධිපති රාජකාරි අරඹයි

683 වන බලසේනාවේ නව බලෙස්නාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ කර්නල් නලින් හෙට්ටිආරච්චි ඉකුත් සඳුදා (8) දින පැවැති උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී. පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පිහිටි බලසේනා මූලස්ථානය වෙත සපැමිණි නව බලෙස්නාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, සියලු ආගමික වතාවත් මධ්‍යයේ කර්නල් නලින් හෙට්ටිආරච්චි සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී භාරගනු ලැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව බලසේනාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබිය. ඉන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයක් සඳහා එතුමන් සහභාගී විය.

මීට ප්‍රථම 683 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරී කළ කර්නල් දුමින්ද ජයසිංහ යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් ශාඛාවේ කර්නල් (පාලන) නිලධාරී ලෙස පත්වීමෙන් අනතුරුව, අනුප්‍රාප්තිකයා වශයෙන් පත්වූ කර්නල් නලින් හෙට්ටිආරච්චි එම ධූරයේ රාජකාරී කටයුතු භාරගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 7 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී මෙන්ම බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් ද සහභාගි වූහ. Sports Shoes | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ