Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd April 2018 20:35:00 Hours

681 වන බලසේනංකය විසින් ගොඩනගන ලද ‘සන්දිරන්’ පෙර පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට

මුල්ලිවෛකාල් හි ‘සන්දිරන්’ පෙර පාසල හි යුද්ධ හමුදා භට පිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ උත්සවය බ්‍රහස්පතින්දා (19) දින පවත්වන ලදී.

‘සන්දිරන්’ පෙර පාසලේ ස්ථීර ගොඩනැගිල්ලක් නොමැතිකමින් 20 දෙනෙකුට වඩා වැඩි කුඩා දරු දැරියන් පිරිසක් මහත් අපහසුතාවයට පත්ව සිටි අතර ඇතැම් අවස්ථාවල ඔවුන් ගස්වල සෙවණ යට පවා තම අධ්‍යාපන කටයුතු සිදුකරන ලදී. මෙම කුඩා දරු දැරියන් පත්ව ඇති අපහසුතාවය පිළිබඳව යුද්ධ හමුදා භට පිරිස් වෙත දැනුම් දිමෙන් පසු 681 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩි.එම්.පි.ඩි දිසානායකගේ කාරුණික අවධානය ඒ කෙරෙහි යොමු වු අතර 68 වන සේනාංකය යටතේ වන 681 වන බලසේනාංකයේ භට පිරිස් විසින් මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් පරිදි හා 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ ආශිර්වාදය ඇතිව 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් විසින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී.

 

එම උපදෙස් හා ආශිර්වාදයන් මධ්‍යයේ 681 වන බලසේනාවේ භට පිරිස් විසින් සිදුකරන ලද මෙම පුණ්‍ය කටයුත්ත මාස කිහිපයක් ඇතුලත සම්පුරණ කරන ලද අතර මේ සඳහා රුපියල් 330,000 ක පමණ මුදලක් යුද්ධ හමුදාව විසින් වැය දරන ලදි.

මෙම අවස්ථාව සඳහා 681 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩි.එම්.පි.ඩි දිසානායක සහභාගි වු අතර පෙර පාසල් දරු දැරියන් සඳහා පාසල් උපකරණ සහ පොත් පත් බෙදා දිමක් ද සිදුකරන ලදී.

මෙම පෙර පාසල් ගොඩනැගිල්ල විවෘත කිරිමේ අවස්ථාව සඳහා 681 වන බලසේනාංකයේ භට පිරිස් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

latest Nike release | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth