Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2016 02:34:12 Hours

68 වන සේනාංකය සිය 6 වන සංවත්සරය සමරයි

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ මගපෙන්වීම මත සිය 6 වන සංවත්සරය උත්කර්ෂවත් අයුරින් සමරන ලදි. ජනවාරි 07 දින ශක්තිමත්ම බලඇණිය තේරීමේ තරඟයක් 68 වන සේනාංක ක්‍රීඩාංගනයේ දී පැවැත් වූ අතර, එහි ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස්. විතානගේ සහභාගි විය. එහි දි 7 වන ගැමුණු හේවා බලකාය ජයග්‍රහණය හිමි කර ගන්නා ලදි. මේජර් ජෙනරාල් විතානගේ සහ මේජර් ජෙනරාල් කාරියකරවනගේ ප්‍ර‍ධානත්වයෙන් පැවැත් වූ මෙම සංවත්සර උත්සවය ජනවාරි 13 වන දින පැවති සංගීත සැඳෑවත් සමඟින් අවසන් විය. latest Running Sneakers | Nike Dunk - Collection - Sb-roscoff