Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th December 2017 08:22:33 Hours

68 වන සේනාංකයේ සිය 8 වන සංවත්සර දිනය අභිමානවත්ව සමරයි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත, කොම්බාවිල් ප්‍රදේශයේ ස්ථානගත 68 වන සේනාංකය සිය 8 වන සංවත්සර දිනය, වැඩසටහන් මාලාවක් සංවිධානය කරමින් එම සේනාංක මුලස්ථානයේ දී සඳුදා (11) දින පවත්වනු ලැබීය.

සංවත්සර දිනයේ දී 68 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් එම සේනාංකයේ භට පිරිස් විසින් පිරිනමන ලදි.

සේනාංකධිපතිතුමන්, එම සේනාංකයේ භට පිරිස් ඇමතු අතර, සියලු නිල දිවා භෝජන සංග්‍රහයකින් අනතුරැව සංවත්සර දින වැඩසටහන් මාලාව නිමාවට පත්විය.

68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම මත මෙම සංවත්සර වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

Sports Shoes | GOLF NIKE SHOES