Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th January 2020 17:36:35 Hours

68 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරී අරඹයි

68 වන සේනාංකයේ 9 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ආර්.එම්.පී.ජේ. රත්නායක ඉකුත් සදුදා (06) දින මුලතිව්, කොම්භාවිල් ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානයේදී රාජකාරී ආරම්භ කරනු ලැබීය.

සේනාංක මුලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් හට කඳවුරු සම්මාන මුරයේ සහ සම්මාන අචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, නව සේනාංකාධිපතිතුමන් සංක්තාත්මත නිල ලේඛනයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී ආරම්භ කළේය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කළ නව සේනාංකාධිපතිතුමන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය. ඉන් අනතුරුව භට පිරිස් ඇමතූ එතුමන් සිය දැක්ම පැහැදිලි කළේය.

මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් සහ අණදෙන නිලධාරීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ. jordan Sneakers | Nike Air Force 1 , Sneakers , Ietp STORE