Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd October 2017 18:42:49 Hours

68 වන යුද්ධ හමුදා දිනයට සමඟාමිව පවත්වනු ලබන ආගමික වතාවත් සෙංකඩගල පුරවරයෙන් ආරම්භ වේ

ඔක්තෝබර් 10 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 68 වන යුද්ධ හමුදා දිනයට සමඟාමිව පවත්වනු ලබන ආගමික උත්සවයන් අද (28) උදෑසන පුජනීය වු උතුම් දළඳා වහන්සේ වැඩසිටිනා ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේදි පවත්වනු ලබන ආගමික වතාවත් වලින් ආරම්භ විය.

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් බුද්ධ පුජාමය පිංකමට මෙන්ම මහා සංඝරත්නය 68 නමක් විෂයෙහිලා පවත්වන ලද දානමය පුණ්‍යකර්මයට ද සම්බන්ධ විය.

එසේම, ආගමික වතාවත් ආරම්භයට පෙර ලුතිතන් ජෙනරාල් සේනානායක විසින් සම්ප්‍රදායික ශබ්ද පුජාවන් මධ්‍යයේ උතුම් දළඳා වහන්සේ වෙත සමන් පිච්ච මලින් පිරිණු මල් වට්ටියක් සමගින් මුරුතැන් සහ ගිලන් පස පුජාවක් සිදු කිරිමෙන් ශ්‍රී දළඳා වහන්සේ වෙත සිදුකෙරන ආගමික වතාවත් ආරම්භ විය.

උතුම් ශ්‍රී දළඳා වහන්සේ වෙත සිදුකෙරන සම්ප්‍රදායික පුජාවන් හා තේවාව කටයුතු නිමාවෙන් පසු යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල බණ්ඩාර මහතාව එතුමාගේ නිල කාර්යාලයේ දී හමු වු අතර, ශ්‍රී දළඳා මාළිගාවේ සංවර්ධන කටයුතු සඳහා මුල්‍යමය පරිත්‍යාගයක් සිදුකරන ලදි. මෙහිදි දියවඩන නිලමේතුමන් විසින් යුද්ධ හමුදාවේ 68 වන සංවත්සරය වෙනුවෙන් සුභ පැතුම් ද එක් කරන ලද අතර, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද මේ අවස්ථාව සඳහා එක්විය.

මහා සංඝ රත්නය 68 නමක් විෂයෙහිලා පවත්වන ලද දානමය පිංකම සදහා මල්වත්ත පාර්ශ්වය නියෝජනය කරමින් අති පුජ්‍ය දිවුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින්වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වය නියෝජනය කරමින් අති පුජ්‍ය වෙඩරුවේ උපාලි අනුනායක ස්වාමින්වහන්සේ ප්‍රධාන කොට ගත් මහා සංඝරත්නය වැඩම කරන ලදි.

ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම දානමය පුණ්‍යකර්මයට සහභාගිවු මහා සංඝරත්නය වෙත දානය පිළිගැන්වුහ. එහිදි මහා සංඝරත්නය විසින්, මවුබිම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිදුකරන්නාවු සියළු කාර්යයන් සාර්ථක වේවායි ආශිර්වාද කරමින් කෙටි අනුශාසනාවක් ද පවත්වන ලදි. එසේම දානමය පිංකම අවසානයේ මව්බිමේ සාමයේ අරුණළු උදාකිරිමට දිවි පිදු සහ රණක්ෂිතයට පත් හා සේවයේ යෙදි සිටින සියළුම රණවිරුවන් වෙනුවෙන් පැන් වඩා පිං පැමිණිවිම සිදුකරන ලද අතර සේවයේ යෙදි සිටින සියළු රණවිරුවන් සඳහා ද ආශිර්වාද සෙත් පතන ලදි.

මහා සංඝරත්නය වෙනුවෙන් අටපිරිකර සහ අනෙකුත් පිරිකර පුජා කිරිමෙන් අනතුරුව පුජනීය වු උතුම් දළඳා වහන්සේ වැඩසිටිනා ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේදි පවත්වනු ලැබු උදෑසන ආගමික වතාවත් අවසන් විය.

අති පුජනීය වු උතුම් දළඳා වහන්සේ වැඩසිටිනා ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේදි පවත්වනු ලබන ආගමික වතාවත් වල දෙවැනි අදියර වශයෙන් පවත්වනු ලබන යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතිම අද (28) සන්ද්‍යාවේදි ආරම්භ වු අතර මේ සදහා මව්බිමේ සාමයේ අරුණළු උදාකිරිමට දායකත්වය ලබාදුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලසේනාව, සියළුම ආරක්ෂක සේනා මුලස්ථාන, සේනාංක, බල සේනාංක, පුහුණු මධ්‍යස්ථාන, සියළුම රෙජිමේන්තු සහ ඒකකයන් හි වර්ණවත් ධජයන් රැගෙන එම අංශයන් නියෝජනය වන පරිදි යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසු නිලයින් මහත් අභිමානයෙන් හා ගෞරවයෙන් යුතුව ශ්‍රී දළඳා මාළිගාවේ ප්‍රධාන දොරටුව අසල සිට දළඳා මාළිගාවේ උතුම් දළඳා වහන්සේ වැඩසිටිනා පත්තිරිප්පුව පරිශ්‍රය වෙත ඉතා භක්තිමත්ව පැමිණියහ.

යුද්ධ හමුදාධිපති තුමන් ප්‍රධාන කොට ගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ධජය ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලසේනාව, සියළුම ආරක්ෂක සේනා මුලස්ථාන, සේනාංක, බල සේනාංක, පුහුණු මධ්‍යස්ථාන, සියළුම රෙජිමේන්තු සහ ඒකකයන් හි වර්ණවත් ධජයන්හට ශ්‍රී දළඳා මාලිගාවේ තේවාව භාර ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් හා සෙත් පිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාද කරන ලදී.

පල්ලේකැලේ පිහිටි 11 වන සේනාංක භට පිරිස් විසින් පුජනීය වු උතුම් දළඳා වහන්සේ වෙත ගිලන් පස පුජාවක් ද සිදුකල අතර, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් මෙම අවස්ථාව සඳහා එක්විය.

latest jordans | Nike News