16th December 2023 07:10:58 Hours
කොම්බාවිල් ප්‍රදේශයේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ අභිමානවත් 14 වන සංවත්සර දිනය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පි පීඑස්සී ගේ උපදෙස් මත පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 10 ) දින පැවැත්විණි.
උත්සව කටයුතු ආරම්භ කරමින් කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි 68 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමූ අතර, අනතුරුව එතුමන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදී.
උත්සව කටයුතු අවසන් කරමින් 68 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහාද සහභාගී විය.