06th December 2023 20:06:12 Hours
68 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය සඳුදා (2023 දෙසැම්බර් මස 4) දින එම සේනාංකයේ 14 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම ලේ දන්දීමේ වැඩසටහනේදී, 68 පාබල සේනාංකය යටතේ ස්ථාපිත සියලුම බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට අධික පිරිසක් සිය රුධිරය පරිත්‍යාග කළහ. මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ සහ යාපනය ප්‍රාදේශීය රුධිර බැංකුවේ වෛද්‍ය කණ්ඩායම්හි දායකත්වය හිමිවූහ.