Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd January 2024 16:23:43 Hours

68 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් සුනාමි පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහනක්

68 පාබල සේනාංකයේ භටපිරිස් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් එක්ව මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සිවිල් ජනතාව වෙනුවෙන් සුනාමි පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් ජනවාරි මස 18 දින වලෙයිමඩම් පාසල් පරිශ්‍රයේදී පැවැත්වීය.

68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ගේ උපදෙස් හා 593 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වූහ.