27th December 2023 20:30:58 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පදිංචි 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවයේ නියුතු සෙබළියක් හට නව නිවසක් ඉදිකර දෙන ලදී. 68 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 682 පාබල බලසේනාවේ භටපිරිස්, ආරක්‍ෂක සේනා ඉංජිනේරු කාර්යාලය සහ එම සේනාංක බළප්‍රදේශයේ පිහිටි 6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් එම නිවසේ ඉදිකිරිම් කටයුතු සිදුකළහ.
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් ආඥාපති එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩියු ගේ උපදෙස් මත 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීයු පීඑස්සී සහ 682 පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ අධීක්‍ෂනය යටතේ මෙම ව්‍යාපෘතිය සිදුකරන ලදී.
ඉදිකරන ලද නව නිවසෙහි යතුර සාමාන්‍ය සෙබළ පී කේෂියා වෙත භාර දීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මැරිටයිම්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ෂර්මි සිවස්වාමි මහත්මිය පසුගිය සදුදා (දෙසැම්බර් මස 25)දින සහභාගි වූ අතර,එම අවස්ථාව සදහා ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් ආඥාපති එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩියු නිලධාරි තුමන් ද සහභාගී විය.
භට පිරිස් හා දේශීය පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය මත නිවාසලාභියාගේ මුල්‍යමය දායකත්වයකින් තොරව නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය.
එම පවුල සදහා නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ, අනෙකුත් අත්‍යාවශ්‍ය උපකරණ සහ රු.16,000.00 වටිනාකමකින් යුත් වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් ද එහිදී ලබාදෙන ලදී.
593 සහ 681 පාබල බලසේනාවල බලසේනාධිපතිවරුන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිවිල් ප්‍රභූවරුන්, ඥාතීන් සහ ගම්වාසීන් විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.