Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th August 2019 14:00:10 Hours

662 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් සිවිල් වැසියන්ට ජල ටැංකි ලබාදෙයි

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ උර්තිරපුරම්, කුමාරපුරම් සහ උමයාලපුරම් ගම්මානවල සිවිල් වැසියන් අත්විඳින දුෂ්කරතාවය පිළිබඳ උර්තිරාපුරම් කෝවිල් කමිටුවේ සභාපති ශ්‍රී රාජිනී මහත්මිය විසින් කරන ලද සංවේදී ඉල්ලීමකට අනුව, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත 622 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් රවී පතිරවිතාණ ගේ අධීක්‍ෂණය යටතේ එම බලසේනාවේ භටපිරිස් විසින් සිවිල් වැසියන්ට ප්ලාස්ටික් ජල ගබඩා ටැංකි තුනක් ස්ථාපිත කරදෙන ලදී.

662 පාබල සේනාංකය අදාළ ප්‍රදේශවල ආගමික නායකයින් සමඟ පසුගියදා පැවති සුහද හමුවක් අතරතුරදී, උර්තිරාපුරම් කෝවිල් කමිටුවේ සභාපති ශ්‍රී රාජිනී මහත්මිය විසිනි එම ගම්මාන තුනේ සිවිල් වැසියන්ට පානීය ජලය ගබඩා කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බැවින් ඒ සඳහා යුද්ධ හමුදාවේ සහාය ඉල්ලා සිටියේය.

662 පාබල සේනාංකය එම සිවිල් වැසියන්ගේ හදිසි අවශ්‍යතාවය පිළිබඳ කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙත දැනුම්දුන් අතර දින දෙකක් ඇතුළත මෙම මානුෂීය අරමුණු සඳහා ලීටර් 3000 ජල ගබඩා ටැංකි තුනක් සැපයීය.

662 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 1 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (3) දින විපතට පත් ප්‍රදේශවලට ජල ටැංකි රැගෙන ගොස් සිවිල් වැසියන්ගේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් තරම් ජලය පිරවීමට යුද්ධ හමුදාවන්ට හැකි වන පරිදි ඒවා ස්ථාපනය කරන ලදී.

පසුගිය වසර 1 - 2 තුළ දීර්ඝ වශයෙන් පැවැති නියඟය හේතුවෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට පානීය ජලය සැපයීමේ කාර්යභාර්ය යුද්ධ හමුදා භටයින්ට පැවරී ඇත. Authentic Nike Sneakers | Nike