Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd September 2019 18:10:20 Hours

66 වන සේනාංකයේ භටපිරිස් දේවස්ථාන මංගල්‍යයට ආරක්ෂාව සපයයි

කිලිනොච්චි, මන්නිත්තලෙයි ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අගෝස්තු මස 20 සිට 25 දින දක්වා පැවැත්විණි.  

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංයේ භටපිරිස්, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ එක්ව දේවමෙහෙය සඳහා සහභාගී වූ බැතිමතුන් 3000 කට අධික ප්‍රමාණයකට ආරක්ෂාව සැපයීය. මීට අමතරව, භට පිරිස් ප්ලාස්ටික් ජල ටැංකි එම පරිශ්‍රයේ තබා බැතිමතුන්ට අවශ්‍ය පානීය ජලය ලබාදුන්හ.  

66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දර ගේ උපදෙස් මත 661 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් මදුර වික්‍රමරත්න ගේ අධීක්ෂණය යටතේ දේව මංගල්‍යයට භටපිරිස් ආරක්ෂාව සපයනු ලැබීය.  

බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සමඟින් 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව, 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් දායක විය. affiliate link trace | Air Jordan