Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th January 2020 07:00:55 Hours

66 වන සේනාංකයේ පැවති දෙමළ භාෂා වැඩමුළුව අවසන් වෙයි

අරසපුරකුලම් ප්‍රදේශයේ පිහිටි 66 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දෙමළ භාෂා ප්‍රවීණතාවය ඉහළ නැංවීම සහ දෙමළ භාෂාව කතා කිරීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් එම සේනාංක බලඇණි පුහුණු පාසලේ පවත්වනු ලැබූ වැඩමුළුව ඉකුත් සිකුරාදා (03) දින අවසන් විය.

66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මංගල විජේසුන්දර විසින් ලබා දුන් මාර්ගෝපදේශ මත පවත්වන ලද සති දෙකක් පුරා පැවති පාඨමාලාව සඳහා සිසුන් 34 දෙනෙකු සහභාගී වූ අතර විනිශ්චය මණ්ඩලයක් විසින් එම සිසුන්ගේ කුසලතා ඇගයීමට ලක් කරන ලදී.

663 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුභාෂන ලියනගම විසින් මෙම ව්‍යාපෘතිය අධීක්‍ෂණය කරනු ලැබීය.

මෙහිදී, පාඨමාලාව සඳහා සහභාගී වූ සිසුන්ගේ දෙමළ භාෂා ප්‍රවීණතාවය ඇගයීම හා ශ්‍රේණිගත කිරීමේ අරමුණින් ඔවුන්ගේ භාෂාමය කුසලතා ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලෙස සිසුන්ට දැනුම් දෙන ලදී.

ඔවුන්ගේ කුසලතා පෙන්වීම සඳහා සිසුන් විසින් නාට්‍ය හා ගීත ද ඉදිරිපත් කරන ලදී.

4 වන බුද්ධි බළකායේ සහ 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ දෙමළ භාෂා උපදේශකයින් විසින් භාෂාවේ ප්‍රායෝගික භාවිතය පිළිබඳ දැනුම ලබා දීම වෙනුවෙන් වැඩමුළුව සිසුන්ට පුහුණු කිරීම සිදුකළ අතර මෙම භාෂා කුසලතාවය සිවිල් හමුදා සබඳතා වඩා හොඳින් පවත්වා ගැනීමට උපකාරී වනු ඇත. best shoes | Zapatillas de running Nike - Mujer