Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th April 2018 11:45:59 Hours

66 වන සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් රාජකාරි අරඹයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ 6 වන සේනාංකාධිපති වශයෙන් බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක බදාදා (11) දින සිය ධුරයේ රාජකාරි අරඹන ලදී.

නව සේනාංකාධිපතිතුමන් පිළිගැනිම සඳහා එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී.

අනතුරුව නව සේනාංකාධිපතිතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සම්ප්‍රදායානුකුලව නිල ලේඛණයකට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි භාර ගත් අතර එම අවස්ථාව සිහිපත්වීම සඳහා කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කරන ලදී. මෙම අවස්ථාව සඳහා 66 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාංකයන් හි බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් ද එක්ව සිටියහ.

Nike Sneakers Store | Sneakers Nike Shoes