Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th May 2021 09:33:19 Hours

652 වන බලසේනාව පැළ රෝපණ වැඩසටහනක් දියත් කරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ‘තුරු මිතුරු - නව රටක්’ව්‍යාපෘතියට සමගාමීව අඹ, දෙහි, කජු සහ පේර වැනි පලතුරු පැළ 200 ක් සිටුවීමේ ව්‍යාපෘතියක් නන්දන්කන්ඩාල් ප්‍රදේශයේ පිහිටි 652 වන බලසේනා කඳවුරු භූමිය තුළදී සිදුකෙරිණි.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති සහ 65 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ සුබපැතුම් මධ්‍යයේ මෙම වැඩසටහන 65 වන සේනාංකය යටතේ ස්ථාපිත 652 වන බලසේනාවේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කළහ.

මෙම වැඩසටහන සඳහා 652 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උදය හේරත් ඇතුලු එම බලසේනාවේ සියලුම නිලධාරින් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ.