Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2022 19:00:39 Hours

65 පාබල බලසේනාව මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව සිසුසිසුවියන් ඇතලු තරුණ ප්‍රජාව දැනුවත් කිරිමේ වැඩමුළුවක් පවත්වයි

මුලංකාවිල් මධ්‍ය මහා විද්‍යාලයේ සහ මල්ලාවි මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසුන් සහ තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වලක්වාගැනීම සහ එය භාවිතා කිරිමෙන් ඇතිවන අතුරු ආබාධ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් 65 පාබල සේනාංකයේ මැදිහත් වීම මත ක්‍රියාත්මක කර තිබිණි.

65 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ ගේ මඟපෙන්වීම සහ උපදෙස් මත මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව පුනකරින් හි පිහිටි මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නියෝජිත වෛද්‍ය දුෂාන්තන්, මුලතිව් දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය ජෙගරූබන්, මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය දුලාංරාජා, මාන්තෙයි-නැගෙනහිර සහ මල්ලාවී මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් විසින් මෙහෙයවන ලදී.

මෙම වැඩසටහන 17 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම් අතුරුගිරිය ගේ සහය ඇතිව 65 පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් ජේ.ඩී.යූ.ටී කුමාර විසින් සම්බන්ධීකරණය කරන ලදී. ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 65 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගී විය.

මුලතිව් දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය කාර්යාලය ද මෙම අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලය සඳහා පුහුණු සම්මන්ත්‍රණයක් දියත් කරන ලදී. මෙම වැඩසටහන සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, ප්‍රදේශයේ සියලුම මහජන සෙෘඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.