Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th October 2017 15:51:02 Hours

65 වන සේනාංක භට පිරිස් වෙතින් යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් මල්ලාවි ගර්භනි මාතාවන් වෙත ත්‍යාග පාර්සල්

68 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව 65 වන සේනාංකය විසින් එහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධනගේ මඟපෙන්විම යටතේ තවත් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස මල්ලාවි ප්‍රදේශයේ ගර්භනි කාන්තාවන් 35 දෙනෙකු වෙත පෝෂදායි ආහාර සහ අනෙකුත් අත්‍යඅවශ්‍ය දෑ අඩංගු ත්‍යාග පාර්සල් භට පිරිස් හී ධන පරිත්‍යාගයෙන් යුතුව සදුදා (09) දින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී බෙදාදෙනු ලැබීය.

65 වන සේනාංකයේ සේනාංකාධිපති, 651, 652 සහ 653 යන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, මල්ලාවි රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය සුසිදරන් මහතා ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Buy Sneakers | balerínky