Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd April 2018 20:31:53 Hours

65 වන සේනාංකය සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමරයි

සිවිල් වැසියන් හා හමුදා සාමාජිකයන් අතර අන්නෝන්‍ය අවබෝධය සහ සුහදතාවය වර්ධනය කරගැනිමේ අරමුණින් 65 වන සේනාංකයට අයත් සේනාංකයන්, බල සේනාංකයන් සහ ඒකකයන් විසින් සංවිධානය කරන ලද සිංහල හා දෙමළ අළුත් අවුරුදු උත්සවය මුලන්ගාවිල් විනයාගර් මහජන ක්‍රිඩාංගණයේදි සිවිල් වැසියන් රැසකගේ සහභාගිත්වයෙන් සෙනසුරාදා (21) දින පවත්වන ලදී.

මෙම අවුරුදු උත්සවය සිංහල සහ දෙමළ සම්ප්‍රදායික ජන ක්‍රීඩා හා විනෝදාස්වාදය ගෙන දෙන ක්‍රීඩාවලින් මෙන්ම සංගීත ප්‍රසංගයකින් සමන්විත වු අතර හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් එමගින් මහත් විනෝදාස්වාදයක් ලබන ලදී.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පිරිස් ගේ ආරාධනාවකට අනුව මේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහභාගි වු අතර 652 සහ 653 බලසේනාංකයන් හි පුර්ණ සහයෝගීත්වය ඇතිව 651 බල සේනාංකය විසින් මෙම අවුරුදු උත්සවය සංවිධානය කරන ලදී.

මේ අවස්ථාව සඳහා රාජ්‍ය නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් එක්ව සිටියහ.

latest jordans | Nike, adidas, Converse & More