Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2017 11:46:30 Hours

65 වන සේනාංකයේ පැවැත්වු පරිගණක සහ ලිපිකරු පාඨමාලා අවසන් වේ

යුද හමුදා භට පිරිස් තුල තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම තව තවත් පුළුල් කිරීමේ අරමුණින් මෙම වසරේ පැවැත් වු පළමු පරිගණක පාඨමාලාව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ මඟපෙන්වීම යටතේ 65 වන සේනාංක මූලස්ථානයේ දී සාර්ථක ලෙස අවසන් විය.

දින 16 පුරා පැවති තොරතුරු තාක්ෂණ පාඨමාලාව 2017 මාර්තු මස 03 වන දින සෙසුනිලයින් 20 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.

එමෙන්ම, කිලිනොච්චි ප්‍රදේශයේ සේවය කරන යුද හමුදා සාමාන්‍ය ලිපිකරුවන්ගේ දැනුම ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් පවත්වනු ලැබු ලිපිකරු පාඨමාලාව ද දින 36 කට පසු මාර්තු මස 28 වන දින අවසන් විය.

65 වන සේනාංක මුලස්ථානයේ පැවති මෙම ලිපිකරු පාඨමාලාව සඳහා සෙසුනිලයින් 23 දෙනෙකු සහභගි වූහ.

පාඨමාලා දෙකෙහිම සහතිකපත් බෙදාදීමේ උත්සවය 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්.ඒ.එස්. විරවර්ධනගේ මුලිකත්වයෙන් පැවැත්විණි.

latest jordans | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp