Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2021 09:01:44 Hours

64 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා පවුල්වල දුවා දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනමයි

ප්‍රසාද් ලොකුබණ්ඩාර මහතා සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ සාමාජිකයින් එක්ව ඔඩ්ඩුසුඩාන් පිහිටි 64 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සිසු සිසුවියන් වෙනුවෙන් රුපියල් 30,000/= ක වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව 59 ක් පසුගිය බදාදා (03) දින බෙදාදුන්හ.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ ගේ උපදෙස් මත 64 වන සේනාංකය විසින් ‘රණවිරු අභිනන්දන පූජා - විරු සහන යාත්‍රා’ නමින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. එමෙන්ම, මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මඟපෙන්වීම 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න විසින් ලබාදුන්නේය.

මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රාහක භවතුන් සම්බන්ධීකරණය කරනු ලබන්නේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් අජිත් පල්ලාවල විසිනි.

64 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස මේජර් ජෙනරල් අජිත් පල්ලාවල සහභාගී වූයේය. එමෙන්ම, 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දොන් සූරියබණ්ඩාර, 68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කීර්ති බණ්ඩාර, 64 වන සේනාංකය යටතේ සේවයේ නියුතු අණදෙන නිලධාරින් සහ නිලධාරින් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

එමෙන්ම, 64 වන සේනාංකයේ භටපිරිස් මෙම ශිෂ්‍යත්වයන් පිරිනැමීම සඳහා යුද්ධ හමුදා පවුල්වල සිසු සිසුවියන් සහ ගුරුවරුන් කැටුව එනු ලැබූහ. Sport media | Nike Air Max 270