20th October 2017 20:22:33 Hours
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනංකයේ මුලිකත්වයෙන් අනුරාධපුර සිංගර් ශ්‍රී ලංකා පුද්ගලික ආයතනයේ අනුග්‍රහය ඇතිව මුලතිව් පෙරාරු විනායාගර් පෙර පාසලේ ළමුන් සඳහා අභ්‍යාස පොත්, පෑන්, පැන්සල් ඇතුලු පාසල් උපකරණ තොගයක් බෙදාදෙන ලදි.
64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර වෙත ප්‍රදේශයේ දිළිදු පවුල් කිහිපයක් විසින් කළ ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.
පසුගිය (10) වන දිනට යෙදුණු යුද්ධ හමුදා සංවත්සර දිනට සමගාමීව මෙම පාසල් උපකරණ තොගය පෙර පාසලේ ගුරුවරුන් වෙත ලබාදිම 25 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් සම්බන්ධිකරණය කරන ලදී.
Running sports | Sneakers