19th December 2023 00:17:52 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකයේ අභිමානවත් 15 වන සංවත්සර දිනය ආගමික වතාවත් මධ්‍යයේ සහ රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් දෙසැම්බර් මස 08 දින සිට 10 දින දක්වා ඔඩ්ඩුසුඩාන්හි පිහිටි එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණ.
උත්සවයේ කටයුතු ආරම්භ කරමින් 64 පාබල සේනාංක රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් සැමරුම් උත්සවයක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 08) දින පවත්වන ලද අතර, එහිදී රණක්‍ෂිතයට පත් වූ සහ සේවයේ යෙදී සිටින රණවිරුවන් වෙත ද ආශිර්වාද එක් කරන ලදී.
සංවත්සර දිනය යෙදී තිබූ පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 10) දින කඳවුරු පරිශ්‍රයට පැමිණි එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව, එතුමන් සියලු නිලයන් අමතමින් සේනාංකයේ අතීත මතකයන් පිළිබඳ සිහිපත් කළේය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැලයක් රෝපනය කරන ලදී. උත්සවයේ කටයුතු අවසන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වූහ.