Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd April 2018 19:41:19 Hours

622 වන බලසේනාව සිවිල් වැසියන් හා එක්ව සිංහල සහ දමිල නව අවුරුදු සමරයි 

සිවිල් වැසියන් හා හමුදා සාමාජිකයන් අතර අන්නෝන්‍ය අවබෝධය සහ සුහදතාවය වර්ධනය කරගැනිමේ අරමුණින් පදවිය - පරාක්‍රමපුර, හැළඹවැව පිහිටි 62 වන සේනාංකයට අයත් 622 වන බල සේනාංකය විසින් සංවිධානය කරන ලද සිංහල හා දෙමළ අළුත් අවුරුදු උත්සවය සෙනසුරාදා (7) දින එම බල සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙම අවුරුදු උත්සවය සිංහල හා දෙමළ ජන ක්‍රීඩා සහ විනෝදාත්මක අංග රැසකින් සමන්විත වු අතර ප්‍රදේශවාසීන් සහ 622 බල සේනංකයට අයත් සියළුම බල ඇණි වල හමුදා සාමාජිකයින් මහත් විනෝදාස්වාදයක් ලබන ලදී.  

මෙම අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 622 වන බල සේනාංකයේ බල සේනාධිපති හා අවුරුදු උත්සවයේ ප්‍රධාන සංවිධායක කර්නල් සාලිය අමුණුගම ගේ ආරාධනයෙන් 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සංජය වනිගසිංහ සපැමිණි අතර මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ප්‍රදේශවාසින් විශාල පිරිසක් එක්ව සිටියහ.

Running sports | Air Jordan Release Dates 2021 Updated , Gov