Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th January 2020 11:50:55 Hours

622 වන බලසේනාවේ භටපිරිස් විසින් දුෂ්කර පාසල්වල සිසුන්ට පාසල් උපකරණ බෙදාදෙයි

අධ්‍යාපන ප්‍රමිතීන් ප්‍රවර්ධනය කිරීම සහ අඩු ආදායම්ලාභී සිසුන්ගේ අධ්‍යාපනය සඳහා දිරිගැන්වීම් ලබා දීමේ උදාරතර අරමුණ පෙරදැරිව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ මාර්ගෝපදේශ මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ගේ සහ සිවිල් වැසියන්ගේ සුභසාධනය ඉහල නැංවීමේ අරමුණින් ඉකුත් සිකුරාදා (03) දින පාසල් උපකරණ බෙදාදීමේ තවත් එක් ව්‍යාපෘතියක් සංවිධානය කරනු ලැබූ අතර එහිදී පිටකෝට්ට සමාධි සුභසාධන සංගමය විසින් දුෂ්කර පාසලක් වන ආ/කූන්කෙටියාව ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 220 දෙනෙකුට අත්‍යාවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී.

62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහගේ අධීක්‍ෂණය යටතේ 622 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.එම්.සී.පී. විජරත්නගේ උපදෙස් පරිදි එම බලසේනාවේ භටපිරිස් විසින් ප්‍රදේශයේ ශිෂ්‍යයින් මුහුණදෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම පරිත්‍යාග වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරී ලුතිතන් කර්නල් ජී.ඒ.එල්. කිත්සිරි විසින් පරිත්‍යාගශීලීන් හරහා මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කළේය.

මෙම පාසල් උපකරණ බෙදාදීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 622 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.එම්.සී.පී. විජේරත්න සහභාගී විය.

මෙම අවස්ථාවට පිටකෝට්ට ‘සමාධි’ සුභසාධන සංගමයේ නියෝජිතයින්, 62 වන සේනාංකයේ සහ 622 වන බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන්, ආ/කූන්කෙටියාව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමා සමඟ ගුරුවරුන් මෙන්ම සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් ද සහභාගී විය. Sportswear Design | Sneakers