Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th September 2019 12:05:38 Hours

622 වන පාබල බලසේනාවේ නව බලසේනාධිපති ලෙස කර්නල් විජේරත්න රාජකාරී අරඹයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 622 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ කර්නල් චමින්ද විජේරත්න ඉකුත් සඳුදා (02) දින වැලිඔය ප්‍රදේශයේ පිහිටි එම බලසේනාවේ පැවැති කෙටි උත්සවයකදී රාජකාරී ආරම්භ කරනු ලැබීය.

බලසේනා මූලස්ථානය වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන් හට ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

ඉන් අනතුරුව, එතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය කාර්යාලයේ දී රාජකාරී භාරගනු ලැබීය. එම අවස්ථාව සඳහා 9 වන ගජබා රෙජිමේන්තුවේ සහ 20 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන් සහ බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් ද සහභාගී වූහ.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ එතුමන් භටපිරිස් ද අමතනු ලැබීය. ඉන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකින් රාජකාරී භාරගැනිමේ උත්සවයේ කටයුතු නිමාවට පත්විය. url clone | Nike