Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th March 2020 16:50:40 Hours

621 වන බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් අඩු ආදායම්ලාභි පවුල්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදෙයි

සිංහ සමාජයේ සභාපති චන්දන දරිජු මහතාගේ සහ ජාඇල ලියෝ සමාජයේ රවින්ද්‍ර දරිජු මහතාගේ අනුග්‍රාහකත්වය ඇතිව 14 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ඉකුත් සෙනසුරාදා (14) දින ගජබාපුර මායාවැව ප්‍රජා ශාලාවේදී අත්‍යවශය භාණ්ඩ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් දියත් කර තිබිණි.

621 වන බලසේනාවේ බලසේනාධිපතිගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන අතරතුරදී අඩු ආදායම්ලාභි පවුල් 50 කට වියළි ආහාර සලාක පාර්සල් බෙදාදුන් අතර සිසු සිසුවියන්ට පාසල් උපකරණ ද පිරිනමන ලදී. ගජබාපුර ප්‍රදේශයට නුදුරින් පිහිටි ඇති මායාවැව ගම්මානයේ ජීවත්වන පවුල්වල දරිද්‍රතාවය ඉහළ මට්ටමක පවතින බැවින් ඔවුන් දැඩි ආර්ථික අපහසුතාවයන්ට ද මුහුණ දී ඇත.

621 වන බලසේනාවේ බලසේනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති කෙටි උත්සවයකදී මෙම අත්‍යවශය ද්‍රව්‍ය තොගය එම ප්‍රදේශවාසීන් අතර බෙදාදෙන ලදී.

මෙම අවස්ථාවට 14 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ දෙවන අණදෙන නිලධාරී ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ. bridgemedia | Men Nike Footwear