Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th July 2019 17:16:16 Hours

621 වන බලසේනාවේ නව බලසේනාධිපති සිය ධූරයේ රාජකාරී අරඹයි

621 වන බලසේනාවේ 7 වෙනි බලසේනාධිපති ලෙස කර්නල් ඒ. පී. වික්‍රමසේකර ඉකුත් බ්‍රහස්පතින්දා (4) දින සිය කාර්යාලයේ දී පැවති කෙටි උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.

බලසේනාංක මූලස්ථාන පරිශ්‍රයට සපැමිණි එතුමන් වෙත පිවිසුම් දොරටුව අසලදී යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිය.

එතුමන්ට පෙර බලසේනාධිපති ලෙස සේවය කළ කර්නල් ශාන්ත රණවීර දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අණදෙන නිලධාරී ලෙස පත් කර ඇත.

මෙම අවස්ථාව සඳහා 14 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ අණදෙන නිලධාරී සහ 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. Nike Sneakers Store | Air Jordan