Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd November 2019 13:30:50 Hours

62 වන සේනාංකය ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ වාර්ෂික ‘කඨින පූජා’ පිංකම සංවිධානය කිරීමට දායකත්වය ලබාදෙයි

ශ්‍රි බෝධිරුක්කාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන කඨින පූජා පිංකම මෙම වර්ෂයේද නොවැම්බර් මස 11 සහ 12 යන දෙදින තුළ පැවැත්වු අතර එම උතුම් පිංකම සඳහා 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ගේ මඟ පෙන්වීමෙන් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් සිය පූර්ණ දායකත්වය ලබාදුන්හ.  

ගම්වැසියන් හා බැතිමතුන් සමඟ ‘කඨින චීවර’ පෙරහැර සඳහා භටපිරිස් සහභාගී වූ අතර පසුව ‘බෝධි පූජා’ පිංකමක් ද එම විහාරස්ථාන පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය. අනතුරුව මුළු රාත්‍රිය පුරා පැවැත්වීමට නිමිතව තිබු සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව ආරම්භ විය. පසුදා උදෑසන මහාසංඝරත්නය උදේසා ‘හීල් දානය’ පිළිගන්වමින් කඨින පිංකම සඳහා සහභාගී වූ පිංවතුන් සැමට උදෑසන ආහාර ලබාදුන්නේය.  

මෙම උතුම් අවස්ථාව සඳහා 62 වන සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ ඒකකයන්හී රාජකාරී කරනු ලබන නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් සියයක් පමන සහභාගී වූහ. affiliate tracking url | Nike for Men