Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th September 2019 14:02:57 Hours

62 වන සේනාංකයේ මූලිකත්වයෙන් නව පරිගණක තාක්‍ෂණාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරයි

වන්නි කලාපයේ දුෂ්කර ප්‍රදේශවල සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ මූලිකත්වයෙන් 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ගේ අධීක්‍ෂණය යටතේ එම සේනාංකයේ භටපිරිස් වැලිඔය අධ්‍යාපන කලාපයේ මුලතිව් පරනගම වැව විද්යාලයේ පරිගණක තාක්‍ෂණාගාරයක් ඉදිකිරීම සඳහා සිය සහයෝගය ලබාදෙයි.

කොමර්ෂල් බැංකුවේ මූලස්ථාන ශාඛාව මෙම පරිගණක තාක්‍ෂණාගාරය ඉදිකිරීම සඳහා මුදල් ප්‍රතිපාදන සපයන අතර 14 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට නියමිතය.

පරිගණක තාක්‍ෂණාගාරය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය ඉකුත් බදාදා (04) දින 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පරණගම වැව විද්‍යාලයේ සිසුන්ගේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවැති පරිගණක තාක්‍ෂණාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් විද්‍යාලයේ විදුහල්පතිතුමන්, විද්‍යාලයේ කාර්යමණ්ඩලය හා සිසු සිසුවියන් කොමර්ෂල් බැංකුවට සහ 62 සේනාංකයට සිය හෘදයාංගම ස්තූතිය පූද කළහ.

මෙම අවස්ථාව සඳහා 621 වන බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම මුලතිව් පරනගම වැව විද්‍යාලයේ විදුහල්පති ඇතුළු කාර්යමණ්ඩලය සහ සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගි වූහ. trace affiliate link | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp