Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd September 2019 14:39:56 Hours

611 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරී අරඹයි

වවුනියාව, ඉච්චන්කුලම් ප්‍රදේශයේ ස්ථාපිත 611 වන බලසේනා මූලස්ථානයේ නව බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.බි.ඩබ්ලිව්.එම්.ආර්.එස්.පී. අලුවිහාර ඉකුත් සඳුදා (23) දින එම ධූරයේ රාජකාරී ආරම්භ කරනු ලැබීය.  

බලසේනා මූලස්ථානය වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන්ව, බලසේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 23 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, එතුමන් සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලදී. මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කල නව බලසේනාධිපතිතුමන් බලසේනා මූලස්ථායේ භටපිරිස් ඇමතීය.  

මෙම අවස්ථාව සඳහා බලසේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන් සහභාගි වූහ. Best jordan Sneakers | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf