Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd August 2019 10:02:23 Hours

611 වන බලසේනාවේ භට පිරිස් අඩු ආදායම්ලාභී පවුල්වලට සනීපාරක්‍ෂක පහසුකම් ඉදිකරයි

611 වන බලසේනාවේ භටපිරිස් ‘බෞද්ධයා’ රූපවාහිනී නාලිකාවේ අනුග්‍රාහකත්වය ඇතිව වවුනියාව, සුන්දරපුරම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් තුනක් සඳහා නව සනීපාරක්‍ෂක ඒකක තුනක් (toilets) ඉදිකර දෙන ලදී.

මෙම ව්‍යාපෘතියේ පුරෝගාමීයෙකු වන පූජ්‍ය ලක්සේගම විමලරතන ස්වාමින් වහන්සේ ඇතුළු ඉදිකිරීම කටයුතු සඳහා දායකත්වය දැක්වූ යුද්ධ හමුදා නිලධාරීන් විසින් නව සසනීපාරක්‍ෂක ඒකක ඉකුත් බදාදා (21) දින ප්‍රතිලාභීන් වෙත පවරාදෙනු ලැබීය.

මෙම සනීපාරක්‍ෂක ඒකක 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් කැටකුඹුර ගේ උපදෙස් මත 651 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සහ 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් සම්පත් දිසානායක ගේ අධීක්‍ෂණය යටතේ එම භටපිරිස් විසින් ඉදිකරන ලදී.

නවතමයෙන් ඉදිකළ සනීපාරක්‍ෂක ඒකක ප්‍රතිලාභීන් වෙත පවරාදීමේ අවස්ථාව සඳහා මහා සංඝරත්නය, 61 වන සේනාංකය සහ 611 වන බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ. තවද, මෙම අවස්ථාව සඳහා හින්දු බැතිමතුන් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් ද සහභාගි වූහ. bridgemedia | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News