Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th July 2019 22:48:26 Hours

61 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

61 වන සේනාංකයේ 11 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ආර්.කේ.බී.එස්. කැටකුඹුර ඉකුත් සඳුදා (15) දින සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.

61 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් කැටකුඹුර වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදී.

ඉන් අනතුරුව, 61 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරී භාරගැනීම සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 611, 612 සහ 613 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් මෙන්ම 61 වන සේනාංකය යටතේ ස්ථාපිත බලඇණිවල අණදෙන නිලධාරීවරුන් ද සහභාගී වූහ. Running sport media | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ