Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th January 2024 18:59:08 Hours

6 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 14 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

නන්දිකඩාල් ප්‍රදේශයේ ස්ථාපිත 6 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 14 වන සංවත්සර සැමරුමට සමගාමීව යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව වැඩසටහන් මාලාවක් පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 28) දින සංවිධානය කරනු ලැබීය.

එහිදී, එම ඒකකයේ අණදෙන නිලධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් භටපිරිස් අතර සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අන්තර් කණ්ඩායම් ක්‍රීඩා උළෙලක් සහ විවිධ විනෝදාස්වාද වැඩසටහන් ද පැවැත්වීය.

මෙම අවස්ථාව සඳහා අණදෙන නිලධාරීතුමන්, දෙවන අණදෙන නිලධාරිතුමන් ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.