Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2016 10:43:48 Hours

6 වන ශ්‍රී ලංකා යුද පොලීස් හේවා බලකායේ සිය සංවත්සරය සමරයි

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා පොලීස් හේවා බලකා භට පිරිස් පසුගිය දා සිය 4 වන සංවත්සරය සැමරු අතර, ඒ වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් පැවැත්විය.

ලේ දන්දීමේ කඳවුරක් පැවැත්විම, බුද්ධ මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම සහ බෝධි පූජා පිංකමක් පැවැත්වීම ද ඒ අතර විය.

තවද, 6 වන ශ්‍රී ලංකා පොලීස් හේවා බලකා භට පිරිස් විසින් එම ඒකකයේ අණදෙන නිලධාරී වෙත කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමිය.

භට පිරිස් ඇමතීම, සියලු නිල භෝජන සංග්‍රහය මෙන්ම සංගීත සැදෑවත් සමඟින් සංවත්සර වැඩසටහන නිමාවිය.

Nike Sneakers | NIKE