Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd September 2020 07:00:03 Hours

591 වන බලසේනාවේ භටපිරිස් වට්ටප්පලෙයි කෝවිල් පරිශ්‍රය පිරිසිදු කරති

591 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (29) දින සිවිල් වැසියන්ගෙන් ද ලද ශ්‍රම දායකත්වය මත වට්ටප්පලෙයි කන්නගිඅම්මන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් දියත් කළහ.

එම පූජනීය කෝවිල් පරිශ්‍රයට අදාළ භූමි ප්‍රදේශය කැළි කසලවලින් තොර ප්‍රදේශයක් බවට පත් කිරීමේ අරමුණින් මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක ගේ උපදෙස් මත සහ 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා සහ 591 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුජීව පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ සිදුකෙරුණු මෙම ව්‍යාපෘතිය සඳහා 591 වන බලසේනාවේ, 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මෙන්ම එම ප්‍රදේශයේ සිවිල් වැසියන් ද ශ්‍රම දායකත්වය ලබා දී තිබිණි. jordan release date | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ