Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th July 2019 13:31:21 Hours

59 වන සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් රාජකාරි අරඹයි

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ 15 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් කේ.එච්.පී.පී. ප්‍රනාන්දු පසුගිය සිකුරාදා (12) දින පැවති සරල උත්සවයකදී රාජකාරී අරඹනු ලැබීය.

59 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් හට ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, 59 වන සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියක් ද එතුමන් වෙත පිරිනමනු ලැබීය.

නව සේනාංකාධිපති තුමන්, ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගත් අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය. ඉන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා 59 සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගී වූහ. Best jordan Sneakers | Nike nike dunk high supreme polka dot background , Gov