Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th January 2024 18:46:11 Hours

59 පාබල සේනාංකයේ සේනාංකාධිපති 14 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බළකායේ නිල සංචාරයක

59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පසුගිය සිකුරාදා (ජනවාරි මස 05) දින 14 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බළකායේ නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රය වෙත සැපැමිණි 59 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව ඒකකයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ එතුමන් දැනුවත් කළේය. අනතුරුව එතුමන් කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරතවිය.

සේනාංකාධිපතිතුමන් ඒකක අණදෙන නිළධාරී හා අනෙකුත් නිලධාරීන් සමඟින් ගුරුකන්ද සහ කෝකිලායි විහාරස්ථානයන් වෙත ගොස් එම විහාරස්ථානයන්හි විහාරාධිපති හිමිපාණන් ප්‍රමුඛ හිමිවරුන් සමඟ සුහද පිළිසඳරක නිරතවිය.

මෙම සංචාරය සඳහා ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.