Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th January 2024 18:54:01 Hours

59 පාබල සේනාංකයේ සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ සංචාරයක

පසුගිය දා ධූරයේ රාජකාරි භාරගත් 59 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ඉකුත් සෙනසුරාදා (ජනවාරි මස 06) දින 591 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 12 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 10 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ඒකකයන්හි සංචාරයක නිරතවූයේය.

මෙම සංචාරය සඳහා 59 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, 591 පාබල බලසේනාවේ බලසේනාධිපති ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.