Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd January 2024 18:29:47 Hours

59 පාබල සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 59 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 01) දින ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

ආගමික වතාවත් මධ්‍යයේ නව සේනාංකාධිපතිතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරී භාරගැනීම සනිටුහන් කළේය. අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැලයක් රෝපනය කර සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටින ලදී. එහිදී එතුමන් සියලු නිලයින් අමතමින් තම ඉදිරි දැක්ම ප්‍රකාශ කළේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.

උත්සව අවස්ථාවට ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් එක්ව සිටියහ.