Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th March 2016 19:54:39 Hours

583 බල සේනාවෙන් සිවිල් වැසියන් සඳහා අක්ෂි සායනයක්

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ උපදෙස් මත ඒ යටතේ වන 58 වන සේනාංකයට අයත් 583 බලසේනාවේ 4 වන සිංහ රෙජිමේන්තුව කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක ප්‍රදේශයේ ජනතාව වෙත අක්ෂි සායනයක් පැවැත්වුයේ හෙල්මඩගම “මාදිලිය රජමහා විහාරයේ” දිය. එහි දී අක්ෂි රෝගීන් 207 දෙනෙක් සඳහා රුපියල් 186,300 ක් වටිනා උපැස් යුවල සහ නොමිලේ වෛද්‍ය පහසුකම් සැලසූවේ මහනුවර ඔප්ටිකල් ආයතනයේ මැදිහත්වීමෙනි. වෛද්‍ය නිමල් විජේකෝන් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ඒ සඳහා දායකත්වය ලබා දුන්හ. 58 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.සී ගුණවර්ධන, 583 බල සේනාධිපති බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ සහ මලිදිය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඉලුක්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ, රාජ්‍ය නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ද මීට එක්ව සිටියහ.Running sneakers | UK Trainer News & Releases