Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th January 2016 17:36:41 Hours

58 වන සේනාංකය 7 වන සංවත්සරය සමරයි

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකය සිය 7 වන සංවත්සරය නිමිත්තෙන් විවිධ වැඩසටහන් රැසක් එම සේනාකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.සී ගුණවර්ධනගේ අධීක්ෂණය යටතේ පවත්වනු ලැබීය. මානුෂීය මෙහෙයුම් සමයේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ 2009 ජනවාරි 3 වන දින 58 වන සේනාංකය ආරම්භ කරනු ලැබීය. සංවත්සරය වෙනුවෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් සහ පසුදින උදෑසන මහා සංඝ රත්නය 20 නමක් සදහා දානය පිලිගැන්වීමේ ආගමික කටයුතු ද ඇතුළුව වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුනි. මේ අතරතුර සංවත්සරයේ හමුදා ක්‍ර‍මවේදයන් ආරම්භ කරමින් 2 වන ගැමුණු හේවා බලඇණි සෙබලුන් විසින් හමුදා සම්ප්‍ර‍දායානුකූලව ආචාර සම්මාන මුරයක් එම සේනාංක පරිශ්‍ර‍යේ දී පවත්වනු ලැබීය. අනතුරුව සෙබලුන් විසින් ආචාර සම්මාන පෙලපාලියක් ද පැවැත්වීය. එමෙන්ම සේනාංකාධිපතිතුමා විසින් සියලු නිළයින් අමතා දේශණයක් පැවැත්වීම, සියලු නිළ දිවා භෝජන සංග්‍ර‍යක් පැවැත්වීම මෙන්ම එදින සිහිගන්වමින් පැළයක් ද රෝපණය කරනු ලැබීය. මෙම අවස්ථාව සදහා බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන්, සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් සහභාගි වූහ.latest Nike release | Nike SB