Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th July 2019 15:30:10 Hours

58 වන සේනාංකය විසින් සංවිධානය කල ‘මත්ද්‍රව්‍ය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා බන්ධනාගාර නිලධාරීන් එක් වේ

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව ‘මත්ද්‍රව්‍ය භාවිතය සහ නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම’ පිළිබඳ ගාල්ල 58 වන සේනාංක මූලස්ථානයෙහි පිහිටි 14 ගැමුණු හේවා බලකා බලඇණි ශ්‍රවණාගාරයේදී පැවැත්වූ දේශණයක් සඳහා 14 වන ස්වේච්ඡා ගැමුණු හේවා බලඇණියෙහි සාමාජිකයින් 21 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුළුව, පොලිස් නිලධාරීන් 20 දෙනෙක්, රාජ්‍ය නිලධාරීන් 30 ක් මෙන්ම සිවිල් වැසියන් 20 දෙනෙකු සහභාගී විය.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්නගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබිණි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිට පුනරුත්ථාපනය කරන ලද පුද්ගලයින් කිහිපදෙනෙකු ද ගාල්ල බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතා සමඟ මෙම දේශණය පැවැත්වීම තුළින් මෙම වැඩසටහනට දායකත්වය ලබාදෙන ලදී. spy offers | jordan Release Dates