Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th January 2024 19:35:35 Hours

58 පාබල සේනාංකයේ 15 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

58 පාබල සේනාංකයේ 15 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය බදාදා (ජනවාරි මස 03) දින අභිමානවත් සංවත්සර සැමරුම් උත්සවයක් සංවිධානය කෙරිණි.

58 පාබල සේනාංකයේ භටපිරිස් සංවත්සර සැමරුමට සමගාමීව පසුගිය බදාදා (දෙසැම්බර් මස 31) දින එළුවන්කුලම ‘නිර්මල මාතා’ වැඩිහිටි නිවාස පරිශ්‍රය පිරිසිදු කර එම වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූහ. එමෙන්ම, 58 පාබල සේනාංකය යටතේ ස්ථාපිත පාබල බලසේනා සහ ඒකකයන් අතර සුහඳ ක්‍රිකට්, පාපන්දු සහ වොලිබෝල් තරඟාවලීන් කිහිපයක් ද පසුගිය සදුඳා (ජනවාරි මස 1) දින පැවැත්වීය. එදින සන්ද්‍යාවේ සේනාංක මූලස්ථාන පරිශ්‍රය තුළ පිහිටි විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පිංකමක් පවත්වමින් යුද්ධ හමුදාවට සහ සියලුම යුද්ධ හමුදා භටපිරිස් වෙත ආශිර්වාද එක්කරනු ලැබීය.

සංවත්සර දිනයේදී ප්‍රධාන දොරටුව වෙත සපැමිණි 58 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත 1 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ හා සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

සංවත්සර සැමරුම් උත්සවයේදී, එම සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් ගේ සහභාගීත්වයෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විණි.