Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2022 15:55:32 Hours

573 බලසේනාවේ පැවැත්වූ දමිළ භාෂා පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්

මාන්කුලම් පිහිටි 573 වන බලසේනාව විසින් පවත්වනු ලැබූ දමිළ භාෂා පුහුණු පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය සිකුරාදා (23) දින පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස් සහභාගී විය.

573 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රමිත් ප්‍රසන්නගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස්හී දමිළ භාෂා දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන එම බලසේනා බලප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් 22 කුගේ සහභාගීත්වයෙන් ඔක්තෝබර් මස 11 දින සිට නොවැම්බර් මස 23 දින දක්වා පැවැත්විණි.

සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.