Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th March 2020 15:00:16 Hours

571 වන බලසේනාවේ ආශිර්වාද මධ්‍යයේ කිළිනොච්චි විධායක නිලධාරින්ගේ සංගමය ආරම්භ වේ

කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස් ද සිල්වා ගේ ආශිර්වාද මධ්‍යයේ ‘කිලිනොච්චි විධායක නිලධාරීන්ගේ සංගමය’ විසින් කිළිනොච්චි ප්‍රදේශයේ සේවය කරන රජයේ විධායක මට්ටමේ නිලධාරීන් අතර මනා අන්තර් සම්බන්ධතාවය සහ අවබෝධය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉකුත් බ්‍රහස්පතින්දා (05) දින 571 වන බලසේනා මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විධායක නිලධාරීන් 36 දෙනෙක්, ප්‍රාදේශීය අධ්‍යාපන කාර්යාලය, වාරිමාර්ග දෙපාර්තුමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව, රාජ්‍ය බැංකු සහ ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලයේ නිලධාරීන් සහභාගී වූහ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමූත්තා ලෙස සපැමිණි 57 වන සේනාංකයේ සේනාංකාධිපති ප්‍රධාන දේශණය පැවැත්වු අතර එහිදි සාමාන්‍ය වැඩ වලදී සහ හදිසි අවස්ථාවන්හිදී ඵලදායී කාර්යසාධනය සහ කිලිනොච්චි මහජනතාවගේ සමාජ-ආර්ථික යහපැවැත්ම සඳහා සාමූහික ප්‍රජා ආධාර ව්‍යාපෘති පැවැත්වීම සඳහා ආයතන අතර සම්බන්ධීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා එවැනි සාමූහික අන්තර්ක්‍රියා වල වැදගත්කම පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා විණි.

මෙම රැස්වීම සඳහා 571 වන බලසේනාවේ බලසේනාධිපති, 57 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් සහ අණදෙන නිලධාරීන් සහභාගි විය. short url link | Ανδρικά Nike